ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම් - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

by Staff writer 19-06-2026 | 9:07 AM

COLOMBO (News 1st) - ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

සංශෝධනය කරන ඇතැම් ඖෂධ වල මිල ඉහල දැමිමට සිදුවන බව ඔහු පැවසුවේ ය.

2023 වසරේ ඖෂධ වර්ග 60කට උපරිම මිල ඇතුළත් ගැසට්ටුව එලෙස සංශෝධනය කෙරෙනු ඇති.

මේ අතර වැඩිමිලට ඖෂධ අලෙවි කරන ඖෂධ හල් පරික්ෂා කිරිම් මේ දිනවල සිදු වන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ය.