.webp)
 (1)-618490.jpg)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට පස්වරු 1.00 දක්වා එම අවවාදාත්මක නිවේදනය බලාත්මක බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතියි.
නාවික සහ ධීවර ප්‍රජාවන්ට මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
ඒවගේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් තිබේ.
ඌව පළාතේත් මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
