රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ඇමරිකාවට බලපෑමක් නෑ

රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ඇමරිකාවට කිසිදු බලපෑමක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප් -

by Staff writer 17-06-2026 | 9:44 AM

COLOMBO(News1st) - රුසියානු -  යුක්‍රේන යුද්ධයෙන් අමෙරිකාවට කිසිදු බලපෑමක් නැතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව සදහන් කළේ, මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවේ සැසියකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ය.

ආයුධ විකිණීම හැර, සැතපුම් දහස් ගණනක් දුරින් සිදුවන යුද්ධයක් සමග  ඇමරිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ ය.

ඊයේ  යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි ප්‍රංශයේ රෝයල් ඊවියොන් හෝටල් පරිශ්‍රයේදී  ජී හත නායකයින් හමුවූ අතර මෙවර සමුළුවේදීද  යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කරගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.

යුක්‍රේන යුද්ධය වෙනුවෙන් යුධ සහ මුල්‍යාධාර ලබාදීමට අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කිරීම පසුගිය මැතිවරණ සමයේදීත් ට්‍රම්ප්ගේ ප්‍රභල විවේචනයට ලක්විය.

ට්‍රම්ප් දෙවැනි වර බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළේ, තමන්ට රුසියානු -  යුක්‍රේන යුද්ධය පැය 24කින් අවසන් කර දැමිය හැකි බවයි..