මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ..

තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ....

by Staff Writer . 17-06-2026 | 6:05 PM

COLOMBO (News 1st) - තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එය ඝාතනයක් සේ සලකා විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ත් 35 ත් අතර වයසැති කාන්තාවක්.

පසුගියදා ඇය පුද්ගලයෙකු සමග නුවරඑලිය නගරයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි බවට අනාවරණ වී තිබේ.

සැකකාර පෙම්වතා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.