.webp)

COLOMBO(News1st) - පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත සිසුන් 92,043 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ, 2025/2026 වර්ෂයට අදාල කඩඉම් ලකුණු අගෝස්තු මස පළමු සතිය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
අයැදුම් කළ පිරිසෙන් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 42,937 කි.
2026 අගෝස්තු මස දෙවන, තෙවන සහ සිව් වන සතිවල දි ඔවුන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
ඒ ඒ විශ්වවිද්‍යාලය අනුව සැප්තැම්බර් මස මුල් සතිවල දි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.
