කටුගස්තොට රිය අනතුරකින් පාසල් සිසුන් 17ක් රෝහලේ

කටුගස්තොට රිය අනතුරකින් පාසල් සිසුන් 17 දෙනෙකු රෝහලේ.

by Staff writer 15-06-2026 | 4:31 PM

COLOMBO (News 1st) - කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, අද(15) දහවල් සිදුවූ අනතුරින් පාසල් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

සිසුන් 9 දෙනෙකු කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් 08 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පාසල් වෑන් රථයේ සහ බස් රථයේ රියැදුරන් දෙදෙනාද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.