.webp)

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු යථාවත් කිරීමේ අවසන් අදියරේ පවතින බවයි.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්විණ.
ඊට පෙනී සිට අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463 කි.
මේ අතර 2026 අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.
අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව එම නිවේදනය මගින් සියලු රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන බලධාරින්ට දැනුම් දෙන්නේ, කිසියම් පාසලක විෂය නිර්දේශය ආවරණය කිරීමෙහි ප්‍රමාදයක් පවතී නම්, ඒ සඳහා පූර්ව සැලසුමක් සහිතව කටයුතු කර , අමතර කාලයක් යොදා හෝ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.
2026 අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සැලසුම් කළ පරිදි වාර සටහන අනුව අදාළ දිනයන්හිදී පැවැත්වීමට නියමිත බවත් එම විභාග වලට නියමිත විෂය නිර්දේශ සම්පුර්ණයෙන් ආවරණය කර සිසුන් විභාග සඳහා සුදානම් කිරීම කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව දැනුම් දෙයි.
