දුරකථන සම්ප්‍රේෂණ කුළුණු කේබල් කැපූ 2ක් කොටු..

දුරකථන සම්ප්‍රේෂණ කුළුණු කේබල් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු රාගමදී අත්අඩංගුවට

by Staff writer 14-06-2026 | 1:15 PM

COLOMBO (News1st) - රාගම ප්‍රදේශයේදී දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල ඇති කේබල් කපා සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 700 ක්ද සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් විසින් රුපියල් 9 ලක්ෂ 22,750 ක පමණ වටිනාකමින් යුතු කේබල් කපා සොරකම් කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 27 හා 34 හැවිරිදි රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.