.webp)

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සපුන්තලා ජානකී පැවසුවේ පසුගිය මාසයේ මදුරු කීට ඝණත්වය 12% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ එම අගය දැක්වුණේ 08%ක් ලෙසයි.
එමෙන්ම නිවාස හා පාසල්වල කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ය.
ඒ අනුව පසුගිය මාසයේ නිවාසවල වාර්තා වූ මදුරු කීට ඝණත්වය 11.7 % ක්.
පසුගිය අප්‍රේල් මාසයේ නිවාසවලින් එම අගය ලෙස සටහන් වුණේ 8% ක් පමණයි.
පාසල්වල මදුරු කීට ඝණත්වය 63% ක් ලෙස පසුගිය මාසයේ වාර්තා විය.
එම අගය පසුගිය අප්‍රේල් මාසයේ දැක්වුණේ ඝණත්වය 23 ක් ලෙසයි.
වසරේ ගතවූ කාලය තුළ රජයේ ආයතනවලින් 28 % ක මදුරු කීට ඝණත්වයක් වාර්තා වුණා.
ආගමික ස්ථාන වලින් වාර්තා වන මදුරු කීට ඝනත්ව අගය 24% ක්.
කර්මාන්තශාලා ආශ්‍රිතවද 37 % ක මදුරු කීට ඝණත්වයක් වාර්තා වෙයි.
මෙම තත්ත්වය හමුවේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට ඇති මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙසයි.
එමෙන්ම උණ ඇත්නම්, ඩෙංගු යැයි සැකකොට කඩිනමින් ප්‍රතිකාර සදහා යොමු වන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සදහන් කළේ, මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.
එබැවින් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවී තමුන්ට වැළඳී ඇත්තේ, ඩෙංගු රෝගය දැයි නිශ්චිතව හඳුනා ගෙන වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේ ය.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව, 23 කි.
ඒ අතර ළමුන් හතර දෙනෙකු ද වනවා.
අදාළ කාලසීමාවේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව, 40 443 කි.
දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74 ක, ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබේ.
