Shakthi Debater උත්කර්ෂවත් සමාරම්භක උත්සවය...

Shakthi Debater උත්කර්ෂවත් සමාරම්භක උත්සවය...

by Staff writer 13-06-2026 | 10:28 PM

COLOMBO(News1st) - දක්ෂයින් අතරින් සුදක්ෂයින් අබිෂේක ගැන්වීමට ශක්ති ටීවී ඉදිරිපත් කරන Shakthi Debater  වැඩසටහනේ නවතම අදියරේ ආරම්භක උත්සවය අද පැවැත්වුණි.

ඒ, රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස්හීදී ය.

සිරස ටීවී සහ ශක්ති ටීවී ඉදිරිපත් කරන The  Debater බුද්ධිය සහ නායකත්වය සැමරීම සඳහා දරුවන් වෙනුවෙන් සකස්කළ වේදිකාවක්.  

සිරස ටීවී ඔස්සේ විකාශනය වන  The  Debater මේ වන විට අවසන් අදියරයට පැමිණ ඇති අතර Shakthi Debater අද ආරම්භ වුණේ, වචනයෙන් දිනමු, දිනන තුරු කියමු තේමාවෙන්..

දිවයින පුරා පාසල් 852 ක් අතුරින් පාසල් 64 ක් මේ වන විට තෝරා අවසන් ය.

කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, ශක්ති ටී.වී. නාලිකා ප්‍රධානී මුරුගේසු කුලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේ.

Shakthi Debater වැඩසටහන ජූලි 11 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7 සිට 8 දක්වා ශක්ති නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතයි.