මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වෙලා

මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය මේ වන විට බොහෝ දුරට පාලනය වෙලා - වසංගත රෝග විද්‍යා ඒකකය

by Staff writer 13-06-2026 | 6:51 PM

COLOMBO(News1st) - මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය මේ වන විට බොහෝ දුරට පාලනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක සඳහන් කළේ, මේ වන විට මෙනින්ජයිටීස් බවට සැක කෙරෙන රෝගීන් 280 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි.

රෝගය මුල් වරට වාර්තා වූ දෙනියාය ප්‍රදේශයෙන් මේ වන විට නව රෝගීන් වාර්තා වන්නේ නැහැ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක පැවසුවේ, රෝගීන් හඳුනාගත් රිකිල්ලගස්කඩ සහ මහනුවර ප්‍රදේශවල එය පාලනය වී ඇති බවයි.

රෝග පාලන වැඩසටහන් සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ කණ්ඩායම් නිරන්තර අධීක්ෂණයෙන් කටයුතු කරන බව ද, ඔහු කියා සිටියේ ය.

මෙනින්ජයිටීස් රෝගය වාර්තා වූ සෙසු ප්‍රදේශ වන්නේ, දියතලාව හා වැලිමඩයි.