.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40 - 50ත් අතර තද සුළං ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 30 - 40 ත් අතර තරමක තද සුළංද ඇති විය හැකියි.
මෙම තත්ත්වය හේතුවෙන්,
වහලවල ඇති තහඩු උලු ආදිය ගැලවී යාම,
ගස්වල අතු කැඩීම් හා මාර්ග අසළ ඇති විශාල ගස් ගැලවී යාම,
වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීම,
විදුලි හා දුරකථන රැහැන් වලට හානි සිදුවීම,
වී වගා බිම් වලට, කෙසෙල්, පැපොල් වැනි පළතුරු වගාවන් වලටද හානි සිදුවීම,
වරායන් අශ්‍රිතව නවතා ඇති යාත්‍රා අංගන වලටද හානි, සිදුවිය හැකියි.
ඒ හේතුවෙන්,
වහලවල ඇති තහඩු උලු ආදිය ගැලවී යාමෙන් සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා වීම,
කඩාවැටෙන ගස්වලින් හා විදුලු රැහැන් වලින් ආරක්ෂා වීම,
ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසිලිමත් වීම,
හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පැතීම,
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කිරීම සිදු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
හුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉතා රළු විය හැකි බැවින්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර අධික වර්ෂාවත් සමග කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවදානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි සඳහන් කළේ, ඒ පිළිබඳව ගඟ දෙපස ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.
මීට අමතරව කැලණි නිල්වලා හා ගිං ගංගාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටටම්ද ඉහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.
