ලබන 15 වැනිදා සිට දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක්

ලබන 15 වැනිදා සිට දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක්

by Staff writer 12-06-2026 | 10:45 AM

COLOMBO (News 1st) - ලබන 15 වැනිදා  සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.

එහි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේ, එළැඹෙන 20 දක්වා එය ක්‍රියාත්මක කරන බවයි.

පොදු ස්ථාන හා අධ්‍යාපන ආයතන ආවරණය වන පරිදි එම සතිය තුළ ඩෙංගු මර්ධණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.