මහර සහ ගම්පහට අද රාත්‍රීයේ පැය 12ක ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(11) රාත්‍රීයේ පැය 12ක ජල කප්පාදුවක්.

by Staff writer 11-06-2026 | 11:28 AM

COLOMBO (News 1st) - මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(11) රාත්‍රී 7 සිට, හෙට පෙරවරු 7 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනූව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි.