ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ගොවීන්ට උපදෙස්.

එල්නිනෝ අවදානම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ගොවීන්ට උපදෙස්.

by Staff writer 11-06-2026 | 6:41 AM

COLOMBO (News 1st) - ඉදිරියේදී ඇති විය හැකි යැයි පැවසෙන එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙයි.

ඒ අනූව කෙටිකාලීන අස්වනු සහිත භෝග වගා කරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි ගොවීන්ට දැනුම් දෙන අතර

යල කන්නයේ වගාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නැයි ද, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ට දැනුම් දෙයි.