.webp)
-617648.jpg)
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ, මේ වන විට වාර්තා වන වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන 455 න් 148 ක් පමණක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවයි.
වැඩිහිටි නිවාස ලියාපදිංචිය හා නියාමනයට බලය ලැබෙන පරිදි නව රෙගුලාසි මාලාවක් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඊට අදාළ රෙගුලාසි වලට අදාළ අවසන් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් අතර පළාත් සභා සමග සාකච්ඡා කර ඊට එකඟතාවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතියි.
ඊට එකඟතාව ලැබුණු වහාම අදාළ රෙගුලාසි බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මෙම මධ්‍යස්ථාන වල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට හා ප්‍රමිතියකින් යුතුව පනත්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.
මේ අතර ගින්නෙන් විනාශ වූ අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ සිටි අවුරුදු 60 ට වැඩි වැඩිහිටිවන් 8 දෙනෙකු මේ වන විට කතරගම පිහිටි රජයේ වැඩිහිටි නිවාසයකට යොමු කර තිබේ.
ඉන් මියගිය පිරිසේ මරණ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
