.webp)
 (5)-617521.jpg)
ඒ, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් අතුරින් තෝරාගත් පවුල්වල ජීවනෝපාය සංවර්ධනය කරමින් ඔවුන්ගේ ජන ජීවිතය යළි ගොඩනැගීමේ අරමුණ ඇතිවයි.
ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ පූර්ණ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
නිමි ඇඳුම් නිර්මාණය, වඩුකර්මාන්තය, පෙදරේරු, විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල්පය ,වැද්දුම් ශිල්පය ඇතුළු වෘත්තීන් කිහිපයක් වෙනුවෙන් මූලික පුහුණුවක් ලබා දී අවශ්‍ය උපකරණ ද එහිදී නොමිලයේ ලබාදෙනු ඇති.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පූර්ණ සහයෝගයෙන් මේ පුහුණුව ලබා දෙන අතර සහභාගීවන පිරිසට වටිනා සහතිකයක් ද පිරිනමනු ලැබේ.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් උදෙසා ක්ෂණිකව ක්‍රියාත්මක වූ අප සහන යාත්‍රාව හරහා ඔවුනට සහන සැලසූ අතර ඉන්පසුව ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා Care & Dare Camp ඔස්සේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබුවේය.
