.webp)
 (7)-617449.jpg)
ඒ 2025 - 2029 වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම වෙනුවෙනි.
2021, 2022, 2023 හා 2024 යන වර්ෂවලදී විද්‍යා, ගණිත විෂය ධාරාවන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සඳහා අයැදුම් කළ හැකියි.
එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජුනි මස 30 වැනිදා දක්වා මාසයක කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියවන www.health.gov.lk පරිශීලනය කර මීට අදාළ අයැදුම්පත් යොමු කළ හැකි වේ.
සුදුසුකම්ලත් අයැදුම්කරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව තෝරා ගන්නාලද අයැදුම්කරුවන් හට සිසු හෙද පුහුණුව මෙම වසරේ අග භාගයේ දී ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් දත්ත අනුව, සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553 ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටින බව සඳහන්.
