දෙමටගොඩ වැටලීමකදී රිවෝල්වර 19 ක් හමුවෙයි..

දෙමටගොඩ වැටලීමකදී රිවෝල්වර 19 ක් සමග සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

by Staff writer 03-06-2026 | 11:30 AM

COLOMBO (News 1st) - 

කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී රිවෝල්වර 19 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකර ඇත්තේ, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ය.

පොලිස් භාරයට ගත් රිවෝල්වර හා සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි