ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්..

ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

by Staff writer 03-06-2026 | 11:55 AM

COLOMBO (News 1st) -පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව කෙරෙන විමර්ශනයේ පියවරක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂට අමතරව යුද හමුදාවේ දෙදෙනෙකුගේද විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

යුද හමුදාවේ කර්නල් මොහොමඩ් අන්සාර් සහ යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලදාරියෙක් වන ප්‍රේමානන්ද උදලාගම නොහොත් සිල්වා නැමැත්තන්ගේ විදෙස් ගමන් මෙලෙස තහනම් කර තිබේ.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට රැදවුම් නියෝග මත රදවා සිටින්නේ මෙම විමර්ශනවලට අදාළවයි.