.webp)
-616963.jpg)
ඔහු සඳහන් කළේ, ගල් අඟුරු සමාගම ලක්විජය බලාගාරයේ පරිපාලන නිලධාරින් ඇතුළු පාර්ශව කිහිපයක් කෝප් කමිටුව හමුවට ගෙන්වා ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කළ බවයි.
ඊට අදාළව නිකුත් කළ විගණන වාර්තා කිහිපයක්ද විමර්ශනයේදී පාදක කර ගත් බව මන්ත්රිවරයා පැවසුවේය.
ඔහු සඳහන් කළේ එහි තවදුරටත් විමර්ශනය කළ යුතු බවට හඳුනා ගන්නා කොටස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දීමට කටයුතු කරන බවයි.
