.webp)
-616933.jpg)
බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අනුමැතිය හිමිවිය.
ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත්, සියලු රාජ්‍ය ආයතන ,රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පෞද්ගලික අංශ සහ මහජනතාව එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
බලශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම ,අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින් වර ඉන්ධන සැපයුම අඩාල වීම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිලෙහි උච්චාවචනය වීම හේතුවෙන් ,මෙරට බලශක්ති උච්චාවචනය වීම ආදී හේතුවෙන්, මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබේ.
එම තත්ත්වය නිසි ලෙස කළමණාකරනය කිරීම හා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි එම වැඩසටහන යටතේ අවධානය යොමු කෙරෙණු ඇති.
