.webp)

පොලීසිය පැවසුවේ දින 19 ක් වයසැති එම බිළිදා රුපියල් ලක්ෂයක මුදලකට, පාලවිය ප්රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවයි.
ඒ අනුව බිළිදාගේ මව, මවගේ සහෝදරයා, දරුවා රැගෙන ගිය වෑන් රථයේ රියැදුරු සහ මිලදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
බිළිඳා මේ වන විට පුත්තලම රෝහලේ නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය ප්රකාශ කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමට නියමිතයි.
