රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි.

වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් රුපියල් ට්‍රිලියනය ඉක්මවයි.

by Staff writer 15-05-2026 | 10:19 AM

COLOMBO(News1st) - වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළේ, ඊයේ(14)  දිනය වන විට ආදයම රුපියල් ට්‍රිලියන 1.18 ක් බවයි.

එමෙන්ම  වසරේ ගත වූ මාස 4 තුළ සෑම මසකම රේගුවේ ආදයම් ඉලක්කය 130% සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම  මාස 4 තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ  පසුගිය අප්‍රේල් මාසයේයි.

එම මාසයේ  රේගු ආදායම රුපියල් බිලියන 236.5 කි.