.webp)

COLOMBO(News1st) -
මැදපෙරදිග රැකියා සඳහා ලාංකිකයින් යොමු කිරීමේ වැඩපිළිවෙළට එල්ල වූ බාධා මේ වනවිට මග හැරී ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.එහි අතිරේක සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා සඳහන් කළේ, වසරේ ඇමරිකා - ඉරාන යුධ ගැටුම් හේතුවෙන් මැදපෙරදිග රටවල ගුවන් අවකාශ වසා දැමීමත් සමග මාර්තු මාසයේ සිට මෙරට ශ්‍රමිකයින් මැදපෙරදිග රැකියා සඳහා යොමු කිරීමේ බාධා පැවති බවයි.
එහෙත් මේ වනවිට එම බාධා මග හැරී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ දක්වා කාලය තුළ 87000 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවද ගාමිණි සෙනරත් යාපා ප්‍රකාශ කළේ ය.
