හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට

by Staff writer 12-05-2026 | 10:17 AM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණියේය.

ඒ එයාර් බස් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ගත් බව කියන සිදුවීමට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහායි.

අල්ලස් මුදලින් රුපියල් මිලියන හැටක් මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට ඊට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන කළ අනාවරණය මත පදනම්ව මහින්ද රාජපක්ෂ එලෙස කොමිසමට කැඳවා තිබුණි.

ඊට අමතරව, හිටපු සිවිල් ගුවන්සේවා ඇමති පියංකර ජයරත්න ද අල්ලස් කොමිසම හමුවට පැමිණියා

මේ අතර එම සිද්ධියට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විලී ගමගේ ඊයේ(11) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබුණි.