අදත් ප්‍රදේශ රැසකට මිලීමීටර් 100ක තද වැසි

අදත් ප්‍රදේශ රැසකට මිලීමීටර් 100ක තද වැසි

by Staff writer 12-05-2026 | 4:04 PM

COLOMBO(News1st) - බස්නාහිර ,සඹරගමුව,වයඹ උතුරු සහ උතුරුමැද පළාත්වලත්,ත්‍රිකුණාමලය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලීමීටර් 100ක .තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දිවයින ආසන්නයේ ඇති අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි