කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

රු. මිලියන 3ක අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

by Staff writer 09-05-2026 | 5:34 PM

COLOMBO(News1st) - අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ අෂාර්දින් මොයිනුදීන් ලපන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් මිලියන 3 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ඊයේ පස්වරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

සැකකරු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ කුරුණෑගල බස් නැවතුම්පළ පිරිසිදු කිරීමේ ගිවිසුම මහනගර සභාව විසින් අහෝසි කිරීමට යන බව පවසා එම ලිවිසුම අවලංගු කිරීම වැළැකිවීමටත් ඒ සඳහා ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව උදවු උපකාර දෙන බවටත් පොරනේදු වෙමින් ය.

පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර, අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.