ඩෙංගු මඩින්න විශේෂ මදුරු මර්දන වැඩසටහනක්...

ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්...

by Staff writer 06-05-2026 | 7:20 AM

COLOMBO (News 1st) - ඩෙංගු අධි අවදානම් කලාපවල අද (06) සිට විශේෂ මදුරු  මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ  විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 43 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.

දිස්ත්‍රික්ක 6ක ඩෙංගු රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දෙයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,071 ක්.

ඩෙංගු මරණ සංඛ්‍යාව 13 ක් ද වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ය.

වෛද්‍ය ප්‍රශීලා සමරවීර ජනතාවට දැනුම් දෙන්නේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්විය හැකි බවයි.