හෙට(06) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක්....

හෙට(06) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක්....

by Staff writer 05-05-2026 | 4:37 PM

COLOMBO(News1st) - හෙට(06) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් ඇති බවයි.

ඒ හේතුවෙන් හෙට සබරගමුව මධ්‍යම, සහ  ඌව පලාත්වලත්,අම්පාර , මඩකලපුව, ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුලංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.