රුසියානු සෞඛ්‍ය ඇමති අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක

දිවයිනට පැමිණී රුසියානු සෞඛ්‍ය ඇමති අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක...

by Hashini De Mel 04-05-2026 | 7:18 AM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණී රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුලු පිරිස අද (04) කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

රුසියානු සෞඛය අමාත්‍යවරයා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත යාමටද නියමිතයි.

තෙදින නිල සංචාරයක් සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස ඊයේ (03) දිවයිනට පැමිණියහ.

ඔහුගේ මෙම සංචාරය තුළදී  ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටද නියමිතව තිබේ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නියෝජිත පිරිස, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය, සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ගේ සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා  අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස තෙදින සංචාරය නිමකරමින් හෙට (05) දිවයිනෙන් පිටත්ව යනු ඇත.