.webp)

COLOMBO (News 1st) -සයිබර් අපරාධවලට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සදහන් කළේ, ලද තොරතුරකට අනුව තලංගමදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මීට පෙර ද සයිබර් අපරාධ සම්බන්ධයෙන් දිවයිනේ ස්ථාන කිහිපයකදී චීන ජාතිකයින් රැසක් අත්අඩංගුවට ගැනුණි.
