.webp)

COLOMBO (News 1st) - මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි.
ඔහු 2023 දී බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහගයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්, මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ක්ෂේත්‍ර කිහිපයක සහගයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද, නියමිතව තිබේ.
මාලදිවයින් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාව, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද, පැමිණීමට නියමිතයි.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ සහ කටුනායක ආශ්‍රිතව අද පස්වරුවේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි.
පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ සිට ලබන 6 වැනිදා දක්වා ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානුකූලව සීමා කෙරෙන බවයි.
ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
