.webp)
-615402.jpg)
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල සදහන් කළේ, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, 2023 වසරේ සිට ඊට අදාළ නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බවයි.
ලෝක බැංකුව යටතේ, සවිබල ගැන්වීම සඳහා තෝරා ගෙන ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව, 10,975ක්.
මේ වනවිට ඉන් 40%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කරගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ සඳහා තෝරා ගෙන ඇති දිස්ත්‍රික්ක ගණන 12ක්.
.
ආසියානු සංවර්ධන බැංකුව මගින් ද දිස්ත්‍රික්ක 13ක පවුල් 10,300ක් සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
ඉන් 85%ක වැඩ කටයුතු, මේ වනවිට අවසන්.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සමාජ ආරක්ෂණ අරමුදලේ සහ මහා භාණ්ඩාගාරයේ මුදල් යොදා ගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සිදුවන බවයි.
ඒ, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තෝරා ගත් අස්වැසුම ප්‍රතිලාභී පවුල් වලට අමතරවයි.
සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ අරමුණ වන්නේ, අත්‍යාවශ්‍යම කරුණු මත පදනම්ව පමණක් අස්වැසුම මුදල් බෙදාහැර, ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය හැකි ජනතාවට අස්වැසුම බෙදා හැරීම ක්‍රමයෙන් නතර කර දැමීමයි.
