හෙට සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්.

මාලදිවයින් ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්.

by Staff writer 02-05-2026 | 8:10 PM

COLOMBO(News1st) - කොළඹ සහ කටුනායක ආශ්‍රිතව හෙට(03) පස්වරුවේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ

ඒ, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ  ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන්.

ඒ අනුව හෙට(03) පස්වරුවේ සිට කටුනායක අධිවේගී මාර්ගය සහ  කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

පොලීසිය සඳහන් කළේ, ලබන 6 වැනිදා දක්වා ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානුකූලව සීමා කෙරෙන බවයි.

ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙනවා.