.webp)
-615244.jpg)
අමාත්‍යවරයා එම සංචාරය සඳහා මැයි 3 වනදා මෙරටට පැමිණීමට නියමිතයි.
මෙම සංචාරයේදී රුසියානු දූත පිරිස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා කරනු ඇති.
මීට අමතරව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මැයි 4 වැනිදා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතයි.
එහිදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතාවන් ඇති කර ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
ඖෂධ සහ වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍ය පුහුණුව සහ උසස් පුහුණුවීම්, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පාඨමාලා වැනි ශාස්ත්‍රීය සහයෝගීතාවන්, ආයුර්වේදය සහ සෞඛ්‍ය සංචාරක කර්මාන්තය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ අංශ කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි මෙම සංචාරයේදී අවධානය යොමු කෙරනු ඇති.
