ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මි 100ක ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක්

by Staff writer 30-04-2026 | 6:42 AM

COLOMBO(News1st) - ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් මෙරටට ලබා දීමට එකඟතාව පල කර තිබේ.

ඒ මෙරට අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහායි.

මෙරට අපනයන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා එම බැංකුවේ විශේෂ පිරිසක් මෙරටට පැමිණ සිදු කරන සාකච්ඡා අතරතුර මෙම එකඟතාව පළ කර තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ, ඉදිරියේදීත් මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බවයි.