හැටන් බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි...

හැටන් බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි, අයෙක් මරුට 33කට තුවාල

by Staff writer 29-04-2026 | 9:37 PM

COLOMBO (News 1st) -හැටන් බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එක් අයෙකු මියගොස් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරට පත් බස් රථය ඩයගම සිට හැටන් දක්වා ධාවනය වී ඇති බවයි.

තුවාල ලැබූවන් හැටන් දික්ඔය රෝහලට ඇතුළත් කෙරිණි.

පොලිසිය සඳහන් කළේ බස් රථය හැටන් ආගරපතන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී වෙනත් බස් රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී පස් කන්ඩියක් කඩාගෙන බස් රථය අඩි 30 ක ප්‍රපාතයකට පෙරලි ඇති බවයි.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් 14 දෙනෙකු,පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ද වේ.

මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.