කමාන්ඩෝ සලින්තට උණ්ඩ දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට..

කමාන්ඩෝ සලින්තට උණ්ඩ ලබාදුන් හිටපු නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට

by Staff writer 29-04-2026 | 9:29 PM

COLOMBO (News 1st) - සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නැමැත්තාට මිලිමිටර් 9 පිස්තෝල උණ්ඩ 350ක් ලබා දුන් හිටපු හමුදා සෙබළෙක් නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ෂණයකින් අනතුරුවයි.

කමාන්ඩෝ සලින්ත නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසු වේ.