ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 28-04-2026 | 7:18 AM

COLOMBO(News1st) - කොළඹ ,ගම්පහ ,කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගින් වාර්තාවිමේ වර්ධනයක් දක්නට ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර සඳහන් කළේ, අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි.

ඒ හේතුවෙන් කොළඹ ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කවල අද(28) දිනයේත් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 12 දෙනෙකු මියගොස් තිබේ.

මීට දින දෙකකට පෙර රත්නපුරයේදි ඩෙංගු රෝගියෙකු මියගොස් ඇතැයි වැඩ බලන අධ්‍යාක්ෂවරයා ප්‍රකාශ කළේය.