සාම පාගමන වෙනුවෙන් හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

සාම පා ගමන වෙනුවෙන් හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..

by Staff writer 27-04-2026 | 3:51 PM

COLOMBO (News 1st) - 

Walk for peace Program Sri Lanka වැඩසටහන හෙට(28) දිනයේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම සහ එදින සවස 04. 00 ට කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.


ඒ වෙනු‍වන් කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම රථවාහන සැලැස්මට අනුව 2026.04.28 දින උදෑසන 1100 සිට පහත දැක්වෙන මාර්ග වල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.

බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වට රවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර් සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝර්ටස්, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්‌කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් විදීය, ස්ටැපල් වීදිය, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ගංගාරම විහාරස්ථානය අවට මාර්ග

මෙම කාල සීමාව තුළ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.