සාමයේ පාගමන 6වැනි දිනට ගමන් අරඹයි...

සාමයේ දූපතට සාමයේ පාගමනේ 6 වැනි දිනය වෙනුවෙන් ගමන් අරඹයි, ගමනාන්තට කැලණිය විහාරය...

by Staff writer 27-04-2026 | 7:33 AM

COLOMBO (News 1st) - සාමයේ දූපතට සාමයේ පාගමනේ 6 වැනි දිනය අදයි.

පාගමන අද (27) යක්කල අබේසේකරරාමයේ සිට කැලණි විහාරය දක්වා වැඩම කෙරෙනවා.

පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුලු මහා සංඝරත්නය අද දිනයේත් පාගමනින් වැඩම කරන්නේ ලෝක සාමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීමේ අටියෙන්.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත පැවැත්වෙන ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදුකරන්නේ, සිරස මාධ්‍ය ජාලයයි.

සාමයේ දූපතට - සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට කැලණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වන විට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.

අනතුරුව නිදහස් චතුරස්‍රයේ සිට පෙරහරකින් සිරස මාධ්‍යජාලයේ මූලස්ථාන පරිශ්‍රය පසුකොට ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාමයේ දූපතට සාමයේ පාගමන අවසන් වේ.