සාගරිකා දුම්රිය හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට.

සාගරිකා දුම්රිය හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට.

by Staff writer 26-04-2026 | 9:50 PM

COLOMBO(News1st) - සාගරිකා දුම්රිය හෙට(26) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය, පෙරේදා උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්විය.

ඉන් අනතුරුව එම දුම්රිය කොළඹට රැගෙන ඒමේදී නැවතත් පීලි පැනීමකට ලක්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කොම්පඥ්ඥවීදිය දුම්රිය ස්ථානය අසලදීයි.

ඉන් අලාභහානි සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයද යථා තත්ත්වයට පත් කරමින් දුම්රිය ධාවනයට සැලසුම් කර තිබේ.