මත්තල ගුවන් තොටුපළට නව ආයෝජන...

මත්තල ගුවන් තොටුපළේ ආයෝජන සඳහා ගෝලීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි...

by Staff writer 26-04-2026 | 2:02 PM

COLOMBO (News1st) - මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ආයෝජන සඳහා ගෝලීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා තිබේ.

ඒ, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින්.

අදාළ රටවල නීති රෙගුලාසි මත නිසි පරිදි ලියාපදිංචි කර ඇති ආයෝජකයින්, සමාගම්, සංස්ථා සහ ඒකාබද්ධ ව්‍යාපාරවලට ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ හැකියි.

අදාළ යෝජනා සළකා බලා තෝරා ගැනීම, කැබිනට් මණ්ඩල කමිටුවක් මගින් සිදුකරනු ඇති.

වෙනත් ලිපි