රනිල්ගේ බිරිදගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..

මහජන මුදල් වැයකර රනිල් , පෞද්ගලික විදේශ සංචාරයක යාම ගැන කෙරෙන විමර්ශනයට අදාළව රනිල්ගේ බිරිද මෛත්‍රීගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..

by Staff writer 24-04-2026 | 10:31 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ, මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(24) ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීම පිළිබදව කෙරෙන විමර්ශනයට අදාළවයි.

කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි නිවසට අද(24) පස්වරුවේ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෛත්‍රී වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණා.

නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශය ලබාගෙන තිබුණේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සළකා ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි.

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් භාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙම නඩුව 29 වන බදාදා සවස 2ට නැවතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.