සාමයේ දූපතට සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි.

සාමයේ දූපතට සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි.

by Staff writer 23-04-2026 | 7:25 AM

COLOMBO (News 1st) - සාමයේ දූපතට සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි.

සාම පාගමනේ, ඊයේ(22) ගමනාන්තය වූයේ, මාතලේ අළු විහාරයයි.

ඒ, රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානයේ සිට කිලෝමීටර 42 ඉක්මවූ දුරක් පැමිණීමෙන් ය.

මාතලේ අළුවිහාරයෙන් සාම පාගමන අද(23) උදෑසන යළි ආරම්භ වන අතර

පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවතවල නිරත වීමෙන් පසු, සාම පාගමන ආරම්භ කිරීමට නියමිතයි.

කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරස්ථානය, අද(23) ගමනාන්තයයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මග පෙන්වීම මත පැවැත්වෙන ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ, සිරස මාධ්‍ය ජාලයයි.