.webp)
-614704.jpg)
ප්‍රධාන දේව මෙහෙය අද(21) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, අති උතුම් මැල්කම් කාදිනන් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
මියගිය පිරිස් සිහිපත් කර අද(21) උදෑසන 8 යි 45 සිට 8 යි 47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පැවැත්වීමට නියමිත බව, ජාතික කතෝලික සභාව නිවේදනය කළා.
2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ,, පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත්‍ර ප්‍රහාර හේතුවෙන්.
මෙරට දේවස්ථාන 3කට, කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269ක්.
තවත් පිරිසක් අබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවා පාමින්.
