.webp)
-614601.jpg)
පොලීසිය පැවසුවේ, ඔහුට අයත්, මත්තක බඹරවාන ප්‍රදේශයේ පිහිටි වත්තකදී එම ප්‍රහාරය අද(18) අලුයම එල්ල වී ඇති බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එහි සේවකයින් දෙදෙනෙකු අතර ආරවුලක් විසඳීමට යාමේදී එක් සේවකයෙකු විසින් හිටපු මන්ත්‍රීවරයාගේ ගෙළට හා දකුණු අතට පිහියකින් පහරදී ඇති බවයි.
තුවාල ලැබූ මන්ත්‍රීවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
පිහියෙන් පහර දුන් බව කියන 21 හැවිරිදි මත්තක බඹරවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගත් බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.
