හිසකෙස් කැපීමේ සිද්ධියේ සැකකාරියන් අධිකරණයට

කාන්තාවකගේ හිසකෙස් කැපීමේ සිද්ධියේ සැකකාරියන් 5 දෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට

by Staff writer 18-04-2026 | 8:50 AM

COLOMBO (News 1st) - රාගමදී කාන්තාවකට හිංසා කරමින් ඇගේ හිසකෙස් කැපීමට අදාලව අත්අඩංගුවට ගත් සැකකාරියන් 5 දෙනා අද(18) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 27, 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාගම, රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමළය චිනවරාය ප්‍රදේශයේ පදිංචිකාරියන් 5 දෙනෙක්.

පොලීසිය පැවසුවේ, අදාල කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇති බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇතැයිද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයද සඳහන් කළේ ය.

රාගම ප්‍රදේශයේ වෙළඳසැළක් තුළදී කාන්තාවකට හිංසා කරමින් ඇගේ හිසකෙස් කපන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු විය.