කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි...

ඉන්දියාවේදී අත්අඩංගුවටපත් කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි...

by Staff writer 18-04-2026 | 7:40 AM

COLOMBO (News 1st) - ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටි, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ රාජු නැමැත්තා ඊයේ(17) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

ඔහු , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරෙකි. 

රාජු, ඩුබායි සිට ඉන්දියාවට පැමිණ නවදිල්ලි නුවර රැඳී සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.